එහෙන් මෙහෙන් අහුලා ගන්න
දන්නවා වගේ බස් දොඩන්න
දන්න උන්ට නොතේරෙන්න
නොදන්න උන් පුරවගන්න
කොන්ඩේ ටිකක් වවා ගන්න
ටවුමේ කඩෙන් වඩේ කන්න
හවස් වෙද්දී එකතු වෙන්න
ගංජා සුරුට්ටුවක් බොන්න
ලම්බෝගිනි ඉල්ල ගන්න
යහපලානේ පෙරලවන්න
තාත්තගෙන් සල්ලි ගන්න
පනහේ කාඩ් ගෙනත් දෙන්න
ලයිට් බිලත් ගෙවලා දෙන්න
රේසර් මට එපා දෙන්න
හැම එකාම පලුගහන්න
මූණු පොතේ ලැගලා ඉන්න
දහය දොළහ පහු උනාම
චැට් එහෙකට සෙටුත් වෙන්න
නිකම් ඉඳන් කෑම කන්න
ඉගෙන ගන්න වැඩට යන්න
ඒ කරදර එපා ඔන්න
මූණු පොතෙන් ඉගෙන ගන්න
කොල්ලෝ කෙල්ලෝ අතර ඉන්න
රජෙක් වගේ බහ දොඩන්න
චැටින් කටින් වැඩ දමන්න
අම්මේ මට සමාවෙන්න
මට ආසයි පොරක් වෙන්න